රුපියල් කෝටි දෙදාහක් වටිනා මත් කුඩු තොගයක් සමඟ පකිස්තාන් ජාතිකයන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් නාවික හමුදාව දික්ඕවිට වරයට එම කුඩු තොගය ගෙනවිත් නාවික හමුදාපති වෛස් සබ්මිරාල් පියල්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දෙනු ලැබිණි.
ඊයේ පස්වරු තුනට පමණ එම දික්ඕවිට වාරයේදී එම කර්තව්‍ය සිදු වූ අතර එහි Ice නැමැති මත්ද්‍රව්‍ය 605kg ක් කෙටමින් නැමැති නවතම වර්ගයේ මිල ඉහල මත්ද්‍රව්‍ය 579kg ක් ඇතුළු මෙතරම් විශාල මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබුණි.
මුහුදු සැතපුම් 465ක් දුර නිරිත දිග මුහුදු සීමාවේදීය. මෙහිදී නාවික හමුදාපති වරයා පවසා සිටියේ covid19 වසංගතයට මුහුණු දී සිටින මෙම වකවානුව තුළ නාවික හමුදාව ඒ සඳහා සිය පිරිස් බලයද යොදවා තිබියදී සහ සාගරයේ ආරක්ෂාව හරහා ජාතික ආරක්ෂාවද තහවුරු කරමින් සිටියදී නාවික හමුදාව විසින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම හරහා මෙරටට එන මත්ද්‍රව්‍ය තොග කොටු කරා ගැනීම කරගෙන යන මෙහෙයුම් සියල්ලද ක්‍රියාත්මක කරගෙන යන බවයි.
එහි ප්‍රතිපලයක් වශයෙන් නාවික හමුදා බුද්දි අංශ වලට ලැබුණු තොරතුරක් මත පසුගිය සති කිහිපය තුළ මෙම මත්කුඩු නෞකාව කොටුකර ගැනීමට මෙහෙයුම් සිදු කර සිටියදී විදෙස් රටක බුද්දි අංශ වලින් ලැබුණු තොරතුරු මත මෙම නෞකාව චන්ද්‍රිකා තාක්ෂනය ඔස්සේ කොටුකරගෙන නාවික හමුදාවේ නිලධාරීන් උපක්රමිකව එම නෞකාවට බැස පරීක්ෂණ කිරීමේදී සුක්ෂම ලෙස එහි හසුරා තිබූ කුඩු තොගය සොයාගැනීමටත් එහි සිටි විදේශීය සැක කරුවන් අත්අඩංගුවට ගැනීමටත් හැකි වූ බවයි.
මෙම නෞකාව ඉරානයේ දෙසින් පැමිණ පකිස්තානයේ එක්තරා ස්ථානයකදී කුඩු තොග දමාගෙන ඒවා ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඇතුළු රට වලට බෙදාහරිමින් යන ඩුබායි හි සිටින කෝටිපති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට අයත් ඒවා බවද අනාවරණය වී ඇති බව නාවික හමුදාපති වරයා හෙළිදරව් කළේය.
අත්අඩංගුවට ගන්න ලද සලකරුවන් නව දෙන පුර්ණ නිරෝධායන පරීක්ෂාවකට ලක් කර මේ වන විට ප්‍රශ්න කිරීමට ලක් කරන අතර ඔවුන් වෙනුවෙන් රඳවා ගැනීමේ නියෝග ලබා දී තිබේ. නාවික හමුදාව විසින් මෙම දැවැන්ත මෙහෙයුම සිදුකරනු ලැබුවේ පසුගිය යුධ සමයේ කෝටි යුධ ගබඩා හයක් විනාශ කල ඉන්දියාවෙන් අපට තෑගි කරන ලද සයුර නෞකාව යෝධාගනිමින් බවද නාවික හමුදා පති වෛස් සබ්මිරාල් පියා සිල්වා පැවසීය.
0 Comments