Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“රජයක් හැටියට අපි හැමදේම කළා…. ජනතාව වගකීම් විරහිතව රෝගය බෝ කළා”

කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඬපැවැත්වීම සඳහා රජයක් ලෙස සියලු ක්‍රියාමාර්ග ගෙන තිබියදී ඇතැම් පුද්ගලයින්ගේ වගකීම් විරහිත හැසිරීම් නිසා විශාල පිරිසකට රෝගය බෝවී ඇති බවත් එහෙයින් ජනතාව ඔවුන්ගේ වගකීම ඉටු කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි පවසයි.

“PCR පරීක්ෂණ පුළුල් කිරීම, නිරෝධායන කඳවුරු ඇතිකිරීම, ප්‍රතිකාර කිරීම සඳහා වන රෝහල්වල තත්වය වැඩිදියුණු කිරීම වැනි රජයක් විදියට ගතහැකි සියලු ක්‍රියාමාර්ග අපි අරගෙන තිබෙනවා.

නමුත් මේ ඇඳිරි නීති කාලසීමාව තුළ බණ්ඩාරනායක මාවතේ එක පුද්ගලයෙක් එම රෝගය සඟවාගෙන අනිත් අයටත් බෝකරලා ඇඳිරි නීතිය දැම්මත් එය නොසලකා ඔවුන් කටයුතු කරලා තිබෙනවා. ඒවගේම තවත් පුද්ගලයෙක් සුදුවැල්ල ප්‍රදේශයේ වගකීම් විරහිතව ඇඳිරි නීති කාලයේ හැසිරිච්ච නිසා ඒ ප්‍රදේශයේ විශාල පිරිසකට රෝගය වැළඳුනා. ඒ විතරක් නෙවෙයි ඒ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට ගිය නාවික හමුදාවේ විශාල ප්‍රමාණයකට මෙම රෝගය වැළඳුණා.

එක වගකීම් විරහිත පුද්ගලයෙක්ගෙන් සිය ගාණකට මෙම රෝගය පැතිරෙන්න පුළුවන්. ඒ නිසා අපි ආදරයෙන් ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාගෙන් ඔබේ වගකීම ඉටු කරන්න”

පවිත්‍රා වන්නිආරච්චි මේ බව පැවසුවේ ඊයේ (24) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

The post “රජයක් හැටියට අපි හැමදේම කළා…. ජනතාව වගකීම් විරහිතව රෝගය බෝ කළා” appeared first on ජනයුගය.



from දේශීය – ජනයුගය https://ift.tt/2VBZpIN

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();