බණ්ඩාරගම, රයිගම, කුඹුක ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයක කොම්ෆෂර් යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් කළු ගල් කඩමින් සිටි පුද්ගලයෙකු එම කොම්ෆෂර් යන්ත්‍රය පුපුරා යෑමෙන් තුවාල ලබා හොරණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
ඊයේ(29) සවස 05.00ට පමණ මෙය සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ ප්‍රබුද්ගම, කදන්විල ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි. බණ්ඩාරගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

0 Comments