වර්තමානයේ රජයේ මූලික අපේක්ෂාව ජීවිත ආරක්ෂා කරමින් රටේ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ වැලිගම ප්‍රාදේශීය සභාවට මුඛ හා අත්ආවරණ බාරදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.
අනෙක් රටවල් හා සංසන්දනය කරන විට අපේ රට ඉහළ තත්ත්වයකට ගෙනවිත් තිබෙනවා. ජිවිත ආරක්ෂාව වගේම භාණ්ඩ බෙදීම අතින් අප ඉහළ තත්ත්වයකට ගෙනත් තිබෙනවා. ගම්වල භාණ්ඩ බෙදීම 60% ක් සාර්ථක වෙලා තියෙන්නේ. ඉතිරි අඩුපාඩු ඉදිරි දිනවල සපුරාලන්න කටයුතු කරනවා. අප දැන් අඩුපාඩු තිබෙන තැන්වල එය සම්පූර්ණ කරන්න කටයුතු කරනවා. නිරෝධායන මධ්‍යස්ථානවල ඉතා හොඳින් කටයුතු කෙරෙනවා.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අත්‍යවශ්‍ය සේවා කටයුතු ක්‍රියාත්මක වෙනවා. මහජන නියෝජිතයන් ලෙස ප්‍රාදේශීය සභාත් ඒ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ නිසා ලොකු දුෂ්කරතාවයක් අනාගතයේ ඇති වෙන්නේ නැහැ. එදිනෙදා කුලී වැඩ කරන ජනතාවට ප්‍රශ්නයක් තියෙන බව පේනවා. දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කාර්ය සාධන බළකායේ සභාපති ලෙස බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ තොරතුරු ඒකරාශී කර ගෙන යනවා. ඒ තුළින් සහන වැඩපිළීවෙළක් ක්‍රියාත්මක කරන්න අප අපේක්ෂා කරනවා. දැනට අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි එළියට බහින්න ඉඩ දී තිබෙන්නේ.
මෙය ලෝකයේ අනෙකුත් රටවලට වඩා අප ප්‍රබල ලෙස ක්‍රියාත්මක කරනවා. ඒකට හේතුව මිනිසුන්ගේ ජිවිත ආරක්ෂාවයි. රජය ඉතා ඉහළ මට්ටමින් සෞඛ්‍ය වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවා. අනෙක් හැම රටටම වඩා මෙය මර්දනය කරන්න පුළුවන් කියා විශ්වාසයක් රජයට තියෙනවා.ඒ විශ්වාසය මත අප වැඩ කරගෙන යනවා. ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් ඉටු කරන්නට රජය කැප වී කටයුතු කරනවා. මේ ව්‍යවසනය අවසන් වූ වහාම ඒ කටයුතු අප ක්‍රියාත්මක කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ව්‍යවසනය අවසන් වූ බව
නිවේදනය කළ පසුව අප අනෙකුත් මහජන අවශ්‍යතාවයන් ඉටු කරන්නට කටයුතු කරනවා.
මාතර දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දනය ට ගෙන ඇති පියවර ඉතා ප්‍රශංසනීයයි. මේ වන විට කොටවිල රෝහල, ආදපාන රෝහල සුදානම් කර තිබෙනවා. එක රෝගියෙක් නැති වුණත් අවශ්‍ය පහසුකම් සූදානම් කර තිබෙනවා. නිරෝධානය වැඩ පිළිවෙළ ක්‍රියාත්මක
කරන්නට කටයුතු සූදානම් කර ගෙන යනවා. හැම ආයතනකම සෞඛ්‍ය ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති නොවුණා නම් මේ රටේ මිනිසුන්ගෙන් මේ වන විටත් 50% කට මේ ව්‍යවසනයට මුහුණ දෙන්න වෙනවා. දැන්
බුද්ධි අංශ සුළු දෙයක් වුවත් ඉක්මනට සොයා ගන්නවා.ඉතාලිය ව්‍යාප්ත වූයේ මේ වගේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නැති නිසයි. ලංකා ඉතිහාසයේ අවශ්‍ය පුද්ගලයෙක් රටට බිහිවෙනවා. ඒ පුද්ගලයා බිහි වී තිබෙන බව ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
අවධාරණය කළේය.
ටී.කේ.මහින්ද වැලිගම සමූහ
0 Comments