Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශුද්ධ වූ සතියේ දේව මෙහෙය ජනතා සහභාගීත්වයෙන් තොරයි

පවතින කොරෝනා වෛරස් තත්ත්වය නිසා කතෝලික ජනතාවගෙ පාස්කු මංගල්‍යයේ (ශුද්ධ වූ සතියේ ) දේව මෙහෙයන් ජනතාවගෙ සහභාගිත්වයෙන් නොපවත්වන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළෝ ය.

ඒ අනුව ශුද්ධ වූ සතියේ දේව මෙහෙයන් වන ගොබ් ඉරිදා , මහ බ්‍රහස්පතින්දා , මහ සිකුරාදා , ආලේලුයියා සෙනසුරාදා , පාස්කු ඉරිදා ශුද්ධ වූ දිව්‍ය පූජා යාගයන් අවලංගු කිරීමට සිදුවන බව පැවැසූහ .
නමුත් මෙම සියලු දේව මෙහෙයන් රූපවාහිනිය ඔස්සේ විකාශය කරන් බවත් ජනතාවට තම නිවෙස් වල සිටිමින් දේව මෙහෙයන්ට සම්බන්ධ විය හැකි බවත් කාදිනල් හිමිපාණෝ කීවෝ ය. ඒ සදහා දායක වන මාධ්‍ය ආයතන වලට ස්තූතිවන්ත වන බවත් ප්‍රකාශ කළහ.

පවතින කොරෝනා අර්බුදය ජාතික ව්‍යසනය නිසා ඇදිරිනීතිය නීතිය පැනවීම සහ, ජනතාව එක් රැස් කිරීමේ යම් අවධානමක් පවතින නිසා කතොලික ජනතාවගෙ උතුම්ම මංගල්‍යය වන පාස්කු මංගල්‍යය පසුගිය වතාවන් වල මෙන් ජනතාවගේ සහභාගිත්වයෙන් සිදු නොකිරීමට කටයුතු කරන බව උන්වහන්සේ පැහැදිලි කළහ.

චන්දිමා කරුණාරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();