කොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව දකුණු ආසියානු රටවල සිටින සිසුන් අතුරින් 6 වන කණ්ඩායම අද (27) දිවයිනට පැමිණීමට නියමිතය.
බංග්ලාදේශයේ ඩකා නගරයේ සිට සිසුන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසීය.
මේ වනවිට ලාහෝර්, කරච්චි, අම්රිට්සාර්, කත්මණ්ඩු, මුම්බායි සහ කොයිම්බතූර් නගරවල සිට 566 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන අවසන්ය.
මේ වනවිට ඔවුන් සියලු දෙනා නිරෝධායනයට යොමුකර තිබේ.

0 Comments