Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාස්ක් නැතිව ආපු හමුදා කපිතාන්ට කොරෝනා – ගම්පහ රෝහලේ අධ්‍යක්ෂක ඇතුලු කාර්යමණ්ඩලයේ පිරිසක් නිරෝධායනයේ

මාස්ක් නැතුව රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට ඇවිත්
කාර්ය මණ්ඩලය රෝහල තුළම නිරෝධායනයට

ගම්පහ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

අධ්‍යක්ෂවරයා ඔහුගේ නිවසේද, හෙදියන් තිදෙනෙක් අවිස්සාවේල්ල රෝහලේ නිරෝධායන මධ්‍යස්ථානවලටද යොමුකර ඇති අතර තවත් හෙද සොයුරියක් සහ සුළු කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් ගම්පහ රෝහල තුළම නිරෝධායනයට යොමුකර ඇති බව එම රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

සීදූව විශේෂ බළකා කඳවුරේ කපිතාන්වරයකු රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට පසුගියදා පැමිණ ඇති අතර පසුව ඔහු කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අවස්ථාවේදී හමුදා නිලධාරියා මෙන්ම රෝහල් අධ්‍යක්ෂවරයාද මුහුණු ආවණ පැලඳ සිට නැති බව රෝහල් සේවකයෝ පවසනවා.

කපිතාන්වරයා පැමිණ අධ්‍යක්ෂවරයා හමුවූ කාර්යාල කාමරයේ රෝහලේ හෙද සොයුරියක හා සුළු සේවකයින් දෙදෙනෙකුද සිටියා.

මේ වනවිට රෝහල තුළ නිරෝධායනය වන්නේ ඔවුන් තිදෙනායි.

රෝහල් අධ්‍යක්ෂවරයා ඔහුගේ නිවසේ ස්වයං නිරෝධායනය වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර ඉහත හමුදා කපිතාන්වරයාගේ පීසීආර් පරීක්ෂණ සඳහා දායකවූ වෛද්‍යවරයා, හෙදිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();