
‘‘අපි මෙතෙක් අවදානම අඩුයි කියලා තක්සේරු කළ ප්‍රදේශවලින් මේ වනවිට රෝගීන් වාර්තා වෙනවා. ආරක්ෂිතයි කියලා අපි හිතන් හිටපු ප්‍රදේශවල දැන් ආරක්ෂිත බව නැති වෙලා රෝගීන් වාර්තා වෙනවා.නිවාඩු ලබා ගම්බිම් බලා ගිය නාවික හමුදා සෙබළුන් අටසියයක් පමණ සිටින බවත් ඔවුන්ගෙන් එක් සාමාජිකයෙක් දළ වශයෙන් දසදෙනකු ඇසුරු කර ඇත්නම් ඉදිරියේදී රෝගීන් අටදහසක් පමණ වාර්තා විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි .නාවික හමුදාවෙන් ආසාදිතයන් වාර්තාවීමත් සමග රට නව හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ ඇති බැවින් රටම පනවා ඇති ඇඳිරිනීතිය මේ ආකාරයෙන් තවත් සති දෙකක පමණ කාලයක් පැවතිය යුතු බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දී ඇත .
“නොච්චියාගම නාවික සෙබළෙක් ඉන්නවා ඔහු තමයි මුළු ගමටම පොහොර බෙදලා තියෙන්නෙ. එයාගේ තාත්තා ගොවි නියාමක කෙනෙක්. එතකොට එයා මිනිස්සු හාරසියයක් පමණ දෙනා සමග ගැටිලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට නාවික සෙබළෙක් පුද්ගල සම්බන්ධතා දෙසීයක් පමණ පවත්වල තියෙනවා. එතකොට මේ අය සේරම අපි හොයාගන්න ඕන. මේ අය හොයාගන්න අඩුම තරමේ සති දෙකක්වත් යනවා.” යයි ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.
The post රෝගීන් 8000ක අවධානමක් . තව සති දෙකක්වත් ඇදිරි නීතිය ඕනෑ. appeared first on Lanka News Column.

0 Comments