Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘සාර්ක් කෝවිඩ් -19 හදිසි අරමුදල‘ සඳහා පාකිස්තානයෙන් ඩොලර් මිලියන 03ක්

කොරොන වයිරසයට එරෙහි සටනේ කලාපීය ප්‍රයත්නයන් සඳහා ආධාර කිරීම වෙනුවෙන් පාකිස්තාන රජය ‘සාර්ක් කොවිඩ් -19‘ හදිසි අරමුදල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 03 ක් ලබා දීමට පොරොන්දු වෙයි
 
පාකිස්තානයේ තීරණය සාර්ක් ලේකම් කාර්යාලයට දැනුම් දී තිබේ.
 
එම අරමුදලේ සියලුම මුදල් සාර්ක් මහලේකම් කාර්යාලය විසින් පරිපාලනය කරනු ඇත. සාර්ක් ප්‍රතිප්තියට අනුව සාමාජික රටවල් සමඟ සාකච්ඡා කිරීමෙන් අරමුදල උපයෝගී කර ගැනීමේ ක්‍රමවේදයන් සිදු කරනු ලැබේ.
 
මේ සම්බන්ධයෙන් පාකිස්තානයේ ඉදිරිදර්ශනය  එරට විදේශ ලේකම් සොහෙයිල් මහමුද් සහ සාර්ක් මහලේකම් එසලා රුවන් වීරකූන් අතර දුරකථන සංවාදයකදී ද දැනුම් දී ඇති බව සදහන් වේ.
 
ආරම්භක සාමාජිකයෙකු වන පාකිස්තානය සාර්ක් කලාපීය සහයෝගීතාවයේ වැදගත් වේදිකාවක් ලෙස සලකයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();