ඊයේ(12) දිනයේ තුළ කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කරගත් සියල්ලන්ම කොරෝනා ආසාදිත පුද්ගලයන් ළගින් ඇසුරු කිරීම හේතුවෙන් අනිවාර්යය නිරෝධායනයට ලක් කර සිටි පිරිසක් බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ. තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් හත් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඊයේ දිනට පමණක් අසාදිත රෝගීන් 11 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අතරින් හත් දෙනෙක්ම නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි පුද්ගලයින්ය.
ඊයේ දිනය අවසන් වන විට ලංකාවේ සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වු පිරිස 210ක් බවට ඉහල නැගිණි.
මේ අතර සිටී පුද්ගලයින් 56 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අතර වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
රෝගීන් 147 ක් තව දුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මේ අතර පි.සී.ආර්.පරික්ෂාව මගින් කොවිඩ් නයින්ටීන් ආසාදනය වී නොමැති බවට තහවුරු වූ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් නිවෙස් කරා යැවීම අද(13) දිනයේත් සිදුකරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඔහු පවසන්නේ ඊයේ දිනය තුළ පමණ දියතලාව සහ පූනානි නිරෝධායන ම්ධ්යස්ථානවල සිටින පුද්ගලයන් 250කට අධික පිරිසකගෙන් පි.සී.ආර්.පරීක්ෂණ සඳහා ඛේට සාම්පල ලබාගෙන ඇති බවයි.
අදාළ පරීක්ෂණ වාර්තා අද හෝ හෙට(14) ලබාගැනීමට අපේක්ෂා කරන බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.
The post ඊයේ දිනට පමණක් අසාදිත රෝගීන් 11 අතරින් 7 දෙනෙක්ම නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි පුද්ගලයින්ය. appeared first on Lanka News Column.
0 Comments