Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බිත්තරයක මිල රුපියල් දහය දක්වා පහතට

 
නිරෝධායන මධ්‍යස්ථානවලට නොමිලේ බිත්තර
 
අගමැතිගේ ඉල්ලීමට බිත්තර නිෂ්පාදකයන්ගෙන් කඩිනම් ප්‍රතිචාර
 
නිරෝධායන මධ්‍යස්ථාන වල ආහාර සැකසීම සඳහා අවශ්‍ය තරම් බිත්තර සැපයීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාව පළ කර තිබේ. 
අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ.
 
ඒ අනුව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය යුද හමුදා සැපයීම් අංශයට බිත්තර පනස්දාහක් අරලියගහ මන්දිරයේ දී ඊයේ (23) පරිත්‍යාග කළේය. 
 
වත්මන් තත්ත්වය සලකා බලා බිත්තර මිල අඩු කරන ලෙස අගමැතිවරයා කළ ඉල්ලීමක් පිළිබඳ සලකා බලා ජනතාවගේ පහසුව සඳහා බිත්තර මිල අඩු කිරීමට තම සංගමය තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති ආර් .එම් සරත් රත්නායක මහතා පැවසීය. 
ඒ අනුව අද සිට බිත්තරයක් රුපියල් දහයකට මිලදී ගැනීමේ හැකියාව ලැබේ. 
 
සතොස, සමුපකාර ආදී ආයතන හරහා පහසු මිලට බිත්තර මිල දී ගැනීමේ  හැකියාව ඇති අතර මේ වෙන විටත් බිත්තර ලොරි 450 ක් රට පුරා බිත්තර බෙදාහැරීමේ යෙදේ .
වැඩි මිලට බිත්තර විකුණන්නේ නම් 0372293300 යන පාරිභෝගික අංකයට දැනුම් දෙන ලෙස ද  සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉල්ලා සිටී.
 
ධනුෂ්ක ගොඩකුඹුර සහ චමීර ඇල්ල
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();