Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකාවේ ආසාදිතයන් 97

Author(s): 
මහින්ද අලුත්ගෙදර
 
කොරෝනාමරණ14,698
 
නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව ඊයේ (23) වනවිට 14,698 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
මේ තත්ත්වය තුළ පුද්ගලයන් 339,036 දෙනෙකු වෛරසයට ගොදුරු වී සිටින අතර 99,014 දෙනෙකු සම්පූර්ණ සුවය ලබ ඇතැයි වාර්තා වෙයි.
 
ඉතාලියේ පමණක් සිදු ව ඇති මරණ සංඛ්‍යාව 5476 ක් වන අතර චීනයේ මියගිය ගණන 3270 කි. ස්පාඤ්ඤයේ 1,772 ක් ඉරානයේ 1,685 ක්, ප්‍රංශයේ 674 ක් ඇමෙරිකාවේ 452 ක් සහ එක්සත් රාජධානියේ 281 මියගොස් තිබේ.
 
මේ අතර අමෙරිකානු සෙනෙට් සභිකයෙක් ද වෛරසයට ගොදුරුවී ඇති බව  නිවේදනය කර තිබේ.
 
රටවල් 190 ක පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසයෙන් අද වන විට මරණ 14,698 ක් වාර්තා වී ඇති අතර ලොව පුරා ආසාදිතයන් ගණන තුන් ලක්ෂ තිස්නව දහස ඉක්මවයි.
 
වෛරසය මේ වනවිට යුරෝපා කලාපයේ සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති අතර එහි බලපෑමට වැඩියෙන් ම ගොදුරුවී තිබෙන්නේ ඉතාලියයි.
 
පසුගිය පැය 24 තුළදී අලුතින් වාර්තා වූ මරණ 651ත් සමගින් එරට සමස්ත මරණ සංඛ්‍යාව 5476 දක්වා ඉහළ ගොස් තිබේ. සමස්ත ආසාදිතයන් ගණන හැට දහසකට ආසන්නයි.
 
කෙසේ වෙතත් පසුගිය දිනට සාපේක්ෂව දිනක් තුළ වැඩි වූ මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙයි. මරණ 3,456ක්ම වාර්තාවී තිබෙන්නේ වෛරසයෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇති ලොම්බාඩි කලාපයෙනි.
 
මෙවන් පසුබිමක් තුළ රුසියාව සහ කියුබාව වෛද්‍යාධාර සහ සෞඛ්‍ය සේවක කණ්ඩායම් ඉතාලියට යැවීමට පියවර ගෙන ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();