නිදහස් වෙළෙද කලාපයන්හි පිහිටා ඇති අත්‍යාවශ්‍ය සේවා සඳහා නිෂ්පාදන සපයන කර්මාන්ත ශාලාවලට සිය නිෂ්පාදන කටයුතු සිදුකරගෙන යෑමට අවසර ලබා දී ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල් සංජය මොහොට්ටාල මහතා පැවසීය.
නිදහස් වෙළෙඳ කලාපයන්හි ඇති කර්මාන්ත ශාලා සියල්ලම වසා දමා ඇතැයි ඇතැමෙක් වැරදි වැටහීමක් ඇති කරගෙන ඇති බවත් එහෙත් අත්‍යාවශ්‍ය සේවා සඳහා නිෂ්පාදන සපයන කිසිඳු කර්මාන්ත ශාලාවක් වසා නැතැයි හෙතෙම අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආරක්ෂක අංශ සමග එක්ව එම කර්මාන්ත ශාලා වලට අවශ්‍ය සෞඛ්‍යමය උපදෙස් හා ආරක්ෂාවන්ද ලබාදී ඇති බවත් එම තත්ත්වය පවත්වාගෙන යන්නේද පිළිබඳව දිගින් දිගට අධීක්ෂණය කරන බවත් ඒ මහතා කියා සිටියේය.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සහය ලබාදෙමින් නිදහස් වෙළෙඳ කලාපයන්හි ඇති අත්‍යවශ්‍ය නොවන කර්මාන්ත ශාලා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි තාවකාලිකව වසා දැමීමා එම සේවක සේවිකාවන් නිවෙස්වලට යොමුකළ බවත් අධ්යක්ෂ ජෙනරාල්වරයා කීවේය.

0 Comments