
අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගත් USS Theodore Roosevelt නෞකාවටද කොරෝනා වෛරසයේ බලපෑම් එල්ලවී තිබෙනවා. වාර්තා වන පරිදි මේ වන විට එම නෞකාවේ සේවය කරන නාවික භටයින් 25 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වී ඇත.
මේ වන විට USS Theodore Roosevelt නෞකාව සිය මෙහෙයුම් සඳහා පැසිෆික් මුහුදු කළාපයේ රැඳී සිටින අතර කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් එය ගුආම් දුපත කරා රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ. එහිදී නෞකාවේ සිටින සියළු භටයින් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරිමට අමෙරිකානු බලධාරින් පියවර ගැනීමට නියමිත බවට වාර්තා වේ.
The post ප්‍රහාරක නෞකාවකටත් කොරෝනා පහර දෙයි. appeared first on Lanka News Column.
0 Comments