ගල්කිස්ස සමාජ ශාලාවක ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇත
ගල්කිස්ස පොලිස් වසමේ සේරම් පාර, ගල්කිස්ස ලිපිනයේ පිහිටි සමාජ ශාලාවක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යෑමෙන් මෙම මරණය සිදු වී ඇති බව වාර්තා වෙයි
අද (03) අළුයම 04.45ට පමණ මෙය සිදුව ඇතැයි පොලීසිය පවසයි.
ගැටුමින් පුද්ගලයෙක් මියගිය බවට පොලීසියට ලද තොරතුරු මත විමර්ශන ආරම්භ කර ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 31 වු අංක 656, ගාලු පාර, හොරෙයිතුඩුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය මේ වන විට කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇත.
ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
0 Comments