Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැඩිම බලය ඕනේ

19 වන සංශෝධනය පිළිබඳ තමන්ගේ ස්ථාවරය ආණ්ඩුව වහාම හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගලදී පැවති ජාතික ජනබලවේගයේ ජන හමුවකදීයී.
එහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.
“19 වන සංශෝධනය ගැන පුළුවන්නම් ආණ්ඩුව තමන්ගේ ඇත්ත ස්ථාවරය කියන්න. ඔට්ටුයි ගෝඨාභය සහ මහින්ද දෙන්නාටම එකක් කියන්න බැහැ. මල්ලි කල්පනා කරනවා අයියාගේ කෑලි ටික ගන්න පුළුවන් ද කියලා, අයියා කල්පනා කරනවා මල්ලාගේ කෑලි ටික ගන්න පුළුවන් ද කියලා. දැන් මේ අය තුනෙන් දෙකේ බලය ගන්න හදනවා. මේ 3/2 කිසිසේත් ජනතාවට හිතකර එකක් බවට පත් වෙන්නේ නෑ, ඒ වගේම මෙයාලට තුනෙන් දෙකක් ලබා ගන්නත් බැහැ.” යි අනුර දිසානායක මෙහිදී පැවසීය.
“එ.ජා.ප කියන්නේ තවදුරටත් මේ රටේ දේශපාලන පක්ෂයක් නෙවෙයි. ඒ අය තව අවුරුදු 15 ක් ඔය විදිහට ගහගනියි. ආණ්ඩුවේ ඉද්දීත් ගහගන්නවා, දැන් විපක්ෂයේ ඉද්දීත් ගහගන්නවා. මේ විනාශකාරී පාලනයට එරෙහිව ඇත්ත සටනක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි කියනවා පාර්ලිමේන්තුවේ ශක්තිමත්ම බලය දෙන්න ඕනේ ජාතික ජනබලවේගයට කියලා” යයි මෙම රැළිය ඇමතූ අනුර කියා සිටියේය.

The post වැඩිම බලය ඕනේ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();