ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්දෙසි වලට යටත්ව ඉදිරි මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කිරිමට සුනානම් නැති බව තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
“ආණ්ඩුව අපි පිහිටුවලා තිබුණට පාර්ලිමේන්තුවේ බලය අපිට නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන අණපනත් පාර්ලිමේන්තුවට ගෙන එන්න බැහැ. ඊළඟ මැතිවරණයෙන් පස්සේ සජිත් මහත්තයට විපක්ෂ නායකකමවත් රනිල් මහත්තයා දෙන්නෙ නැහැ . අවසානයේ ජාතික ලයිස්තුවෙන් එන්න හැඳුවොත් ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයත් අහිමි කරනවා.”
“දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක සන්ධානගත වෙලා තරග කරනවාද නැද්ද කියලා විවිධ අදහස් පළවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්ද දාහතර ලක්ෂයක් තියෙනවා කියලා දයාසිරි ජයසේකර මහත්තයා නම් කියනවා. දාහතර ලක්ෂයක් ජන්ද තියෙනවද කියලා බලන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කරන්න ඕන. ඒ එයාලට කැමති ලකුණකින් . අපි කැමතියි සන්ධාගතවෙලා මැතිවරණය කරන්න ඒක අපිට ගැටලුවක් නැහැ. හැබැයි එයාලගේ කොන්දේසි වලට අපි යටත් වෙන්න සුදානම් නැහැ. අපි අමාරුවෙන් මෙි ගමන ආවේ. අවුරුදු හතරහාමාරක් කැපවෙචිච මිනිස්සු ඉන්නවා ඒ අය ආරක්ෂා කරගන්න ඕන.” යයි රාජ්‍ය අමාත්‍යවරයා කීය.
The post ඒ කොන්දේසි වලට බැහැ appeared first on Lanka News Column.
0 Comments