එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අදින් (24) ආරම්භ වේ. ලබන මාර්තු 20 වැනි දා දක්වා පැවැත්වෙන මෙම සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 47 ක මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලෙනු ඇත.
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් එලිසබෙත් ටිචි ෆිස්ල්බර්ගර් ලබන 27 වැනිදා වාචික කරුණු දැක්වීමක් සිදු කිරීමට නියමිතව ඇත.
ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ දූත පිරිසක් ද සහභාගීවීමට නියමිතය.
ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණ පිළිබඳ ලබන 26 වැනිදා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කිරීමටයි නියමිතව ඇත.
මේ වනවිට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය රවිනාථ ආරියසිංහ මහතා ජිනීවා නුවරට ගොස් සිටි. 2015 - 30/01, 34/01 සහ 40/01 දරණ යෝජනා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දැක්වූ සම අනුග‍්‍රාහකත්වය ඉල්ලා අස්කර ගන්නා බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය වෙත විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ඉකුත් සිකුරාදා දැනුම් දී ඇත.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉකුත් දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව ද ඔහු මෙහිදී දැනුම්දී තිබේ. සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත්වීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ද ඉකුත් දා ඉදිරිපත් කළ බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය රවිනාථ ආරියසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මානව හමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය වෙත දැනුම් දී තිබේ.
0 Comments