Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු

මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ජනතාවට නායයාම් පිළිබඳව විමසිල්ලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි

එහි නායයාම් අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළේ, එම දිස්ත්‍රික්කවලට ඊයේ දිනයේ මිලිමීටර 100 ඉක්මවූ වැසි ලැබීම හේතුවෙන් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බවය.

මේ අතර සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලටත්, කළුතර, මාතලේ සහ අම්පාර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 75 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වලටත් ගම්පහ දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය, පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහළ යා හැකිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();