දොරටු විවෘත කිරිමට සිදුවන බව ජලාශ භාර වාරි ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා කියයි.
හෙතෙම මේ බව කියා සිටියේ ජලාශයේ ජල මට්ටම සම්බන්ධයෙන් අද (23) කල විමසීමක දීය.
මොරගහකන්ද ජලාශයේ උපරිම වාන් මට්ටම මුහුදු මට්ටමේ සිට අඩි 185 කි.
(මීටර් 58.0) ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 465000 කි
(ඝන මීටර් මිලියන 570) ජලාශභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා කියා සිටියේ ජලාශයේ වාන් දොරටු විවෘත වීමත් සමග අඹන් ගග ඔස්සේ එම ජලය ඇලහැර,ගිරිතලේ හා මින්නේරිය ප්‍රදේශවලට මුදා හැරෙන බවයි.
එබැවින් එම ප්‍රදේශ වල ජනතාව වඩාත් අවධානයෙන් පසුවන ලෙස ද දන්වා සිටියි කෙසේ වෙතත් දිය නෑමේ දී මෙන්ම ජලය භාවිත කරන සෙසු කටයුතු වල දි වඩාත් ප්‍රවේසම් වන ලෙස ඉංජිනේරුවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කළේය.
(නාඋල සමූහ)
(නාඋල සමූහ)

0 Comments