Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා, UAE - නවසිලන්ත සබඳතා වර්ධනයට පියවර

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඞ් අල් මුල්ලා මහතා (Ahmad Al Mualla) ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
 
ජනාධිපතිතුමා සමඟ සුහද කතා බහක නිරත වූ තානාපතිවරයා දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේ දී වඩා සහයෝගයෙන් කටයුතු කිරිමට කැපවන බවට සහතික විය.
 
එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නව දැක්මක් සහිත වැඩපිළිවෙළ අගය කළ තානාපතිවරයා එය සාර්ථක කර ගැනීමට උපරිම සහාය ලබාදෙන බව ද ප්‍රකාශ කළේය.
 
මේ අතර ශ්‍රී ලංකාවේ නවසිලන්ත මහ කොමසාරිස් Joanna Kempkers  මහත්මිය ඇතුළු දූත පිරිස ද අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වී සිය සුභාශීංසන පළ කළාය.
 
දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අන්‍යොන්‍ය ප්‍රතිලාභ ඉහළ නංවා ගැනීමට කැපවන බවට එහිදී ඔවුහු සහතික වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();