
ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් කිහිපයකම දුරකථන ග්‍රාහකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව Economic Times වෙබ් අඩවිය වාර්තා කරයි.
අප්‍රිකාව සහ වෙනත් රටවල දුරකථන අංක වලින් ලැබෙන මෙම දුරකථන අංක වෙත ආපසු ඇමතුම් ගැනීමෙන් එම ඇමතුම් ලබා ගන්නා පුද්ගලයින් ගේ දුරකථන බිල්පත් අසාමාන්‍ය ලෙස ඉහළ යන බවටයි වාර්තා වෙනවා.
+2356462532, +212621-001782 සහ +212621001782 යන දුරකථන අංක ඔස්සේ මෙම ජාවාරම සිදුවන අතර එම වංචනික ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් විසින් දුරකථන “මග හැරෙන ඇමතුම්” (Missed call) ලබාදීම සිදුකරයි.
එලෙස ලබා දෙන මගහැරෙන දුරකථන ඇමතුම් වලට ග්‍රාහකයින් ආපසු ඇමතීමේදී එම ඇමතුම් “Premium callback” සේවාව යටතේ ලැයිස්තුගත කර තිබෙන අතර ඒ හේතුවෙන් ලබාගන්නා දුරකථන ඇමතුම් ඔස්සේ මුදල් ලබා ගැනීමක් අදාළ කණ්ඩායම සිදුකරනු ලබන බවයි හෙළිවී තිබෙන්නේ.
මෙම ගාස්තු ” වාරික සේවා, ජාත්‍යන්තර ඇමතුම් හෝ ගාස්තු ඇමතුම්” යනුවෙන් දුරකථන බිල්පත්හි පෙන්නුම් කරන බවයි අමෙරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව දුරකථන ග්‍රාහකයින්ට අනතුරු අඟවා සිටිනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට මේ දක්වා ලිඛිත පැමිණිල්ලක් ලැබී නොමැති බව වාර්තා වන අතර යම් හෙයකින් එවැනි වංචාවකට ගොදුරුවූ දුරකථන ග්‍රාහකයින් ලිඛිත පැමිණිල්ලක් සිදුකල හොත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.
The post MISSED CALL ලබා දී මුදල් ගරන ජාවාරමක් appeared first on Lanka News Column.

0 Comments