Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්ෆ්ලුවන්සා ආසාදනය වූ රෝගීන්ගේ වැඩිවීමක්

ඉන්ෆ්ලුවන්සා වෛරස ආසාදනය වූ රෝගීන්ගේ වැඩි වීමක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
 
පවතින වර්ෂාව සහ ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්ෆ්ලුවන්සා රෝගය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.
 
විශේෂයෙන් ගර්භණී මව්වරුන්, වයස අවුරුදු 2ට අඩු දරුවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින්, නිදන්ගත හෘද, අක්මා, වකුගඩු, දියවැඩියා, පිළිකා වැනි රෝග වලින් පෙලෙන්නන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වේ. එවැනි පුද්ගලයින් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්වයන් හටගත් වහාම කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
 
එමගින් ඉන්ෆ්ලුවන්සා රෝගය උත්සන්න වීම හෝ සංකූලතා ඇති වීම අවම කරගත හැකි අතර රෝගය බෝවීම හා පැතිරීම වළක්වා ගැනීම සඳහා මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();