Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නත්තලට දිවයිනේ සියලුම සුරාසැල් වැසේ

දිවයිනේ සියලුම සුරාසැල් දෙසැම්බර් 25 නත්තල් දිනය දා වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
ඒ, අනුව සියලු සුරාසැල් දෙසැම්බර් 24 වනදා වසා දමන වෙලාව සහ දෙසැම්බර් 26 වනදා විවෘත කළ යුතු වේලාව පවා නිවේදනය කර ඇති බවයි.
 
අදාල කාලසීමාව තුළ මෙම නීතිය කඩ කරන සුරාසැල් හිමියන් සම්බන්ධයෙන් දැඩිව නීති ක්‍රියාත්මක කරන ලෙස දෙපාර්තමේන්තුව සුරාබදු නිළධාරීන්ට දැනුම් දී ඇත.
 
එමෙන්ම සමස්ථ දිවයිනම ආවරණය වන පරිද්දෙන් නීති විරෝධී මත්පැන් හා නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහණය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම වැළැක්වීම සදහාද දැඩිව නීති ක්‍රියාත්මක කෙරෙනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();