Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තද වැසි ගැන කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

තද වැසි පිලිබදව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
 
දිවයින අවට (ශ්‍රී ලංකාවට දකුණින්) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැ,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද(04) සහ හෙට(05) වැඩි වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති  විය හැකිය.
 
උතුරුමැද, සබරගමුව, දකුණු හා බස්නාහිර පළාත්වල මෙන්ම අනුරාධපුර, පොළොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක සහ යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.
 
දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 50-60 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();