Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු ඇමති රාජිත යළිත් අධිකරණයට එයි

 හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද(23) පෙරවරු 09.00ට පමණ පැමිණ තිබේ.
 
ඒ ඉකුත් ජනාධිපතිවරණ සමයේ පවත්වනු ලැබූ සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීම වලකාලන්නැයි ඉල්ලමින් ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය අද දිනයේදි විභාගයට ගන්නා බැවිනි.
 
පසුගිය සිකුරාදා හිටපු අමාත්‍යවරයා ගොනු කළ පළමු අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ප්‍රතික්ෂේප කළේය. 
 
ඒ එම ඇප අයදුම් පත්‍රයේ තමන්ව අත්අඩංගුවට ගැනීමට යන්නේ කුමන චෝදනා පදනම මතද යන්න සඳහන් නොවීම හේතුවෙනි. අනතුරුව  හිටපු ඇමතිවරයාගේ නිතිඥවරුන් විසින් සංශෝධිත ඇප අයදුම්පතක් යළි ගොනු කරන ලදි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();