Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විපක්ෂ නායක ‌තෝරන්නේ නැතිව රනිල් ‌මොං‌ගෝලියා යයි - සජිත්ගේ සිහිනය හබක්?

පාර්ලිමේන්තුවේ නව විපක්ෂ නායකවරයා කවුරුන් විය යුතුද යන ගැටලුව එසේම පැවතියදී රනිල් වික්‍රමසිංහ මහතා විදේශ ගත වීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.

ඒ අනුව වික්‍රමසිංහ මහතා පළමුව සිංගප්පූරුවට ‌ගොස් එතැනින් ‌මොං‌ගෝලියාව බලා පිටත්ව යාමට කටයුතු සැලසුම් කර ඇත.

පසුගිය දින කිහිපයේදී විපක්ෂ නායක ධූරය පිළිබදව වික්‍රමසිංහ මහතාගෙන් විමසීම් කළ මන්ත්‍රීවරුන්ට ඒ මහතා දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුව වාරවාසාන කිරීමට නියමිත බැවින් පසුව ඒ සම්බන්ධයෙන් සාකච්ජා කළ හැකි යැයි කියාය.

පාර්ලිමේන්තුව ‌බොහෝදුරට අද (02) දිනයේදී වාරවසාන කිරීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();