Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඡන්දෙන් පස්සේ නිදහස් පක්ෂය තුන්වෙනි පන්තියට දාලා

පසුගියදා නිමා වූ ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමේ ගාමක බලය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිලිබඳව ඡන්දය ජයග්‍රහණය කිරීමෙන් පසුව සමහර නායකන් දරන්නේ වෙනත් මතයක් බව පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ජයග්‍රහණයෙන් පසුව මේ වන විට සෑම ග්‍රාම සේවක කොට්ඨාශයකම රුපියල් ලක්ෂ 20 බැඟින් යවා ඇතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් දිනපතාම ඔහුගෙන් සංවර්ධන කාර්යයන් සඳහා ඔවුන්ව සම්බන්ධ කර නොගැනීම ගැන ප්‍රශ්න කරන බව මෙහිදී සඳහන් කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන්වැනි පංතියට දැමීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතින බවත් එයට තමන් දැඩිව විරුද්ධ බවත් පැවසු මහා ලේකම් වරයා පසු ගිය මැතිවරණ කාල සිමාව තුළ අත්සන් තබන ලද සෑම ගිවිසුමකට අත්සන් යෙදුවේ තමන් බවත් එබැවින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වැඩ කල සෑම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයකුටම තමන් වගකිව යුතු බවත් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම මෙහිදී අදහස් පළ කල එකසත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් මහින්ද අමරවීර මහතා කියා සිටියේ ප්‍රශ්න ගණනාවක් මේ වන විට පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති බවත් ඉදිරියේදී ඒ සම්බන්ධව ජනාධිපති සහ අගමැති තුමන් හමුවී සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත්ය.

The post ඡන්දෙන් පස්සේ නිදහස් පක්ෂය තුන්වෙනි පන්තියට දාලා appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();