Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංක‍ාවේ තේවලට ලෝකයේ හිමි ගෞරවය රැක ගැනීමට කටයුතු කරනවා

Author(s): 
සමන්මලී ප්‍රියශාන්ති

ඇමැති රමේෂ් පතිරණ

තේ මිලට ගන්නා රටවල්වලට ඉහළ ප්‍රමිතියෙන් යුතු තේ ලබා දෙමින් සිලෝන් ටී නාමය නැවත ලෝකයේ අනභිභවනීය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම ඇමැති රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම මේ බව පැවසුවේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නීරක්ෂණ චාරිකාවකට පසුගියදා එක් වෙමිනි.

තේ ගොවියන්, වතු කම්කරුවන් සහ කුඩා තේ වතු හිමියන්ගේ සුබ සාධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා මෙහිදී පැවැසීය.

වැඩිදුරටත් අදහස් පළ කරමින් ඒ මහතා මෙසේ ද කීවේය.

වැවිලි කර්මාන්තය පමණක් නොව දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය උදෙසා දක්වන විශාල උනන්දුව වර්ධනය කිරීම ජනාධිපතිතුමාගේත් අගමැතිතුමන්ගේත් ඒකායන අභිප්‍රායයි. ඒ සඳහා වන ඉදිරි දැක්ම යථාර්ථයක් කිරීමේ අභියෝගය අපට තිබෙනවා. ජාතික ආර්ථිකයට මහත් දායකත්වයක් ලබා දෙන තේ,රබර්,පොල්, ඇතුළු කර්මාන්ත රැසක් නගා සිටුවීමේ වගකීම අපට බාර දී තිබෙනවා. ඒ අභියෝගය ජය ගැනීම අපි අත්‍යවශ්‍යයෙන් ම සිදු කළ යුතුයි.

රටේ දළ ජාතික නිෂ්පාදනයට දායකත්වයක් දක්වන වතු කම්කරුවන් ගේ ආර්ථිකය පිළිබඳ ගැටලු රැසක් ඇති බැවින් ඔවුන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. එමෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ හා වතු කම්කරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් ද වැඩපිළවෙළක් අවශ්‍යයයි. මුලික සමාජ වගකීමක් ලෙස සලකා මා ඒ පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කරනවා.

එමෙන්ම ලංකාවේ තේ කලාව නැවත ලෝකයේ අනභිභවනීය තත්ත්වයට පත් කිරීමටත් තේ පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන පකිස්තානය ඉන්දියාව වැනි රටවල් කෙරෙහි වැඩි අවධානයකින් ඉහළ තේ සැපයීමටත් කටයුතු කරනවා. තේ නිෂ්පාදනය සඳහා විශාල දායකත්වයක් ලබාදෙන කුඩා තේ වතු හිමියන්ටත්, වතු සමාගම්වලටත් වහාම අවධානය යොමු කොට ඔවුන් වෙනුවෙන් යහපත් ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරනවා.

මේ සඳහා ගොවීන්ට නව තාක්ෂණික උපකරණ හඳුන්වා දීම, නැවත තේ වගාව ප්‍රවර්ධනයට අවශ්‍ය සහාය ලබාදීම, වගාව නගා සිටුවීම ඇතුළු කාරණා පිළිඳවද ඉක්මන් යහපත් ප්‍රතිඵල සහිත ක්‍රියාමාර්ග ගන්නවා.

තේ කර්මාන්තය නගා සිටුවීමේ ක්‍රියාවලිය සඳහා රට තුළදී ලැබිය යුතු තත්ත්වයත්, ජාතික අනන්‍යතාවකින් කටයුතු කිරීමේ හැකියාවත්, අන්තර්ජාතික වෙළඳ පොළේ දී ලැබිය යුතු ඉහළ තත්ත්වයත් රැක ගැනීමට කටයුතු කළ යුතුයි. එබැවින් ජාතික ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් අප සමග අත්වැල් බැඳ කටයුතු කරන ලෙසත් තේ මණ්ඩලයේ සියලු දෙනාටත් වැවිලි කර්මාන්තයට අනුබද්ධ සියලු ආයතන නිලධාරීන්ටත් ගෞරවයෙන් ආරාධනා කරනවා.

මෙහි දී තේ කර්මාන්ත රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර මහතා ද අදහස් පළ කළේය. තේ මණ්ඩලයේ සභාපති ජයම්පතී මොල්ලිගොඩ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();