පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නො කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (03) නියෝග කළහ
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නො කිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල ඇත.
බන්ධනාගාර නිලධාරින් විසින් මෙම සැකකරුවන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව ය.
තව ද මෙම විමර්ශනයට අදාළව පොලීස් නිලධාරීන් දස දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටන් කර ගැනීමට නියමිතව තිබෙන බවත් පරීක්ෂණ අවසන් කර කරුණු වාර්තා කිරීම සඳහා කල් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියහ එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 17 දක්වා තවදුරටත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කළේ ය.
නඩුව දෙසැම්බර් මස (17) යළි කැදවීමට නියමිත ය.

0 Comments