පෝලන්තයේ ක්‍රීඩා හා සංචාරක ඇමැති විටෝල්ඩ් බන්කා ලෝක තහනම් උත්තේජන විරෝධී ඒජන්සියේ (WADA) නව සභාපතිවරයා ලෙස නිල වශයෙන් නම් කර තිබේ. වත්මන් සභාපති ක්‍රෙග් රීඩිගේ කාලසීමාව මේ වසර අවසානයේ නිමාවට පත්වන අතර බන්කා නව සභාපතිවරයා ලෙස නව වසරේ ආරම්භයේදි වැඩ බාර ගනු ඇත. පෝලන්තයේ කැටෝවිස් නුවර පසුගියදා රැස්වූ ලෝක තහනම් උත්තේජන විරෝධී ඒජන්සියේ සමුළුවේදි 35 හැවිරිදි නව සභාපතිවරයාට අනුමැතිය ලැබිණි.
78 හැවිරිදි වත්මන් සභාපති රීඩි වසර 2 බැගින් වාර දෙකකදී එම තනතුරේ කටයුතු කළේය. ලෝක තහනම් උත්තේජන විරෝධී ඒජන්සියේ අරමුදල තවත් ඉහළ දමමින් ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් තහනම් උත්තේජන මුළුමනින්ම තුරන් කිරීම තම අරමුණ බව හිටපු මලල ක්‍රීඩකයකු ද වන බන්කා සමුළුව අතරතුර දී පැවැසීය. ඔහුගේ තනතුර වසර 2022 දක්වා කාලයකට බල පැවැත්වෙන අතර එම කාලය තුළ ක්‍රීඩා සංගම් සහ රාජ්‍යයන් අතර සහයෝගිතාව වර්ධනය කරමින් තහනම් උත්තේජන විරෝධී ඒජන්සියේ මූලධර්මවලට අනුව කටයුතු කිරීම බන්කාගේ අරමුණ වී තිබේ.
ඔහුගේ උපසභාපතිවරයා ලෙස පත්වී සිටින්නේ වසර 2002 ශීත සෘතු ඔලිම්පික් උළෙලේදී ‘ස්පීඩ් ස්කේටිං‘ ක්‍රීඩාවෙන් දෙවරක්ම රන් පදක්කම් දිනූ චීනයේ යැං යැං ය.

0 Comments