Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොදෙව් පිල වසර 5කට පසු එක්දින තරගාවලියක් දිනයි

ශායි හෝප් රැස්කළ ශතකය හේතුවෙන් ඇෆ්ගනිස්තානය සමග ලක්නව් හිදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය.

මේ සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ ජය කොදෙව්වන් සතුවූයේ 3-0ක් ලෙසිනි. ඔවුන් මෙලෙස පූර්ණ එක්දින තරගාවලියක් ජය ගත්තේ වසර 5කට පසුවිය. අවසන් වරට කොදෙව්වන් පූර්ණ එක්දින තරගාවලියක් ජය ගත්තේ 2014 වසරේ බංග්ලාදේශයට එරෙහිවය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ලකුණු 249ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය කොදෙව් පිල පන්දු 8ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 5ක් දැවී තිබියදීය.

කොදෙව් පිල ජයග්‍රහණය කරාගෙන ගිය ආරම්භක පිතිකරු ශායි හෝප් නොදැවී ලකුණු 109ක් රැස් කිරීමට සමත් විය. පන්දු 145කදී හතරේ පහර 8කින් සහ හයේ පහර 3කින් ඉනිම වර්ණවත් කරගත් ඔහු, ඒ අතරතුර සෙසු පිතිකරුවන් සමග එක්ව අර්ධ ශතක සබඳතා 4ක් පිහිටුවීය.

මුල් කඩුලු 2 ලකුණු 4ක් තුළ බිඳ වැටීමෙන් අනතුරුව තෙවැනි කඩුල්ලට බ්‍රෙන්ඩන් කිං (39) සමගින් ලකුණු 64ක් එක්කළ හෝප්, නිකලස් පූරන් (21) සමගින් සිවුවැනි කඩුල්ලට ලකුණු 55ක්, කිරන් පොලාඩ් සමගින් 5 වැනි කඩුල්ලට ලකුණු 63ක් සහ හය වැනි කඩුල්ලට රොස්ටන් චේස් (32) සමගින් නොබිඳුණු ලකුණු 71ක සබඳතාවක්ද ගොඩ නැගීමට සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ලකුණු 86ක් රැස්කළ අස්ගර් ඇෆ්ගන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර ඔහු සමගින් හස්රතුල්ලා සසායි සහ මොහොමඩ් නබි ද අර්ධ ශතක රැස් කළහ. පන්දු 85කට මුහුණදුන් අස්ගර් හතරේ පහර 3ක් සහ හයේ පහර 6කින් ඉනිම සවිමත් කරගත් අතර සසයි පන්දු 59කදී හතරේ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක්ද, නබි පන්දු 66කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක්ද ඉනිමට එක්කර ගත්හ.

ඇෆ්ගනිස්තානය - 249/7යි. (ඕවර 50) අස්ගර් ඇෆ්ගන් 86, හස්රතුල්ලා සසායි 50, මොහොමඩ් නබි නොදැවී 50 (කීමෝ පෝල් 44/3, අල්සාරි ජෝෂප් 59/2)

බටහිර ඉන්දීය කොදෙව් - 253/5යි. (ඕවර 48.4) ශායි හෝප් නොදැවී 109, රොස්ටන් චේස් නොදැවී 42 (මුජිබර් රහමන් 49/2)

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();