Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“One Galle Face Tower” සුපිරි වෙළෙද සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ

සංවර්ධනය වන කොළඹ නගරය තුළ විශාලතම සුපිරි වෙළෙඳ සංකීර්ණය ලෙස ඉදිකෙරුණු “One Galle Face Tower” සුපිරි වෙළෙද සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගියදා (08) විවෘත කෙරිණි.

ෂැන්ග්‍රි-ලා සමූහයට අයත් මෙම සුපිරි වෙළඳ සංකීර්ණය නේවාසික පහසුකම්, කාර්යාල, විනෝදාස්වාදය, ආහාරපාන පහසුකම්, සිනමා, රූපලාවන්‍ය තාක්ෂණය සහ සාප්පු සවාරි යන සෑම අවශ්‍යතාවයක්ම එකම ස්ථානයකින් ලබාගැනීමේ නැවුම් අත්දැකීම ලබාදෙමින් නිර්මාණය කර තිබේ.

මහල් 07කින් සමන්විත වෙළෙඳ සංකීර්ණය වර්ග අඩි හාරලක්ෂ අසූදහසක වපසරියකින් යුත් අතර වෙළෙඳ සැල් 200කින් පමණ සමන්විතය. සමරු ඵලකය නිරාවරණය කර සාප්පු සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

ඡායාරූප : සුදත් සිල්වා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();