Ticker

6/recent/ticker-posts

Header Ads Widget

O/L උපකාරක පන්ති 27න් පසු තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසයි.

ඔහු සඳහන් කළේ, එම නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානවල විභාග ශාලාධිපතිවරුන්, සම්බන්ධීකාරකවරුන් හා සහකාර සම්බන්ධීකාරකවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් අද දිනයේ පැවැත් වේ.

දිස්ත්‍රික් මට්ටමින් එම වැඩසටහන පැවැත්වෙන අතර ඒ සඳහා ශාලාධිපතිවරුන් 4987 දෙනෙකු ඇතුළු නිලධාරීන් 12000 ක් පමණ සහභාගී වේ.

මේ අතර මෙවර සාමාන්‍ය පෙල විභාගය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 08 ක් ස්ථාපිත කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත්.බී පූජිත පැවසුවේ ය.

ඔහු පැවසුවේ සිරභාරයේ සිටින රැඳවියන්, අපේක්ෂා රෝහලේ සිටින දරුවන් හා සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩකයින් ඇතුළු අපේක්ෂකයින් වෙනුවෙන් එම විභාග මධ්‍යස්ථාන පිහිටුවන බවයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();