Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උපන් දිනය දා දානයක් දෙන්න ගිය දෙහැවිරිදි සිඟිත්තා අනතුරකින් මරුට

වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ වෙහෙරයාය, ආරියසිර හංදිය ප්‍රදේශයේ දී අද (28) අලුයම සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
මෙම අනතුරින් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇත. අනතුර සිදුව ඇත්තේ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටීමෙනි.
 
බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා, මිත්තනිය හා මියගිය දරුවා මෙම මෝටර් රථයේ ගමන්කර තිබේ. මියගිය දරුවාගේ අවුරුදු දෙකේ උපන් දිනය අදට යෙදී තිබේ. උපන් දිනය වෙනුවෙන් වැල්ලවාය, හදපානාගල ළමා නිවාසයකට දානයක් ලබාදීම සඳහා ඔවුන් මෙලෙස පැමිණෙමින් සිටින අතර තුර මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබේ.
 
තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත මිත්තනිය හා මියගිය දරුවා මාරුකර යවා තිබේ. රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත. 
 
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලීසිය විසින් සිදු කරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();