Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුන්ගෙන් ජනපතිට ආශිර්වාද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (16) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
 
අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා මල්වතු මහානායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුහඳ පිළිසඳරක නිරත විය.
 
මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටී අතර උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ජයනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
 
නේපාලයේ ලුම්බිණි නුවර පිහිටි ශ්‍රී ලංකා මහා විහාරයේ හිමිකම් පත්‍රය මල්වතු මහානායක හිමියන් වෙත පූජා කිරීම ද ජනාධිපතිතුමා අතින් මෙහිදී සිදු විය. 
 
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා අස්ගිරි මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතනාභිධාන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ද සුවදුක් විමසීය.
 
අස්ගිරි අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා ද සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();