Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බලපිටියේ ෆේස්බුක් සාදයක් වටලයි-28ක් අත්අඩංගුවට

අහුන්ගල්ල, බලපිටිය ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුර දී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
එම ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ(24) සවස පැවති ෆේස්බුක් සාදය පවත්වා ඇති අතර අත්අඩංගුවට ගත් අය අතර තරුණියන් 03 දෙනෙක්ද වේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 17ත් 30ත් අතර වයස්ව පසුවන්නන් බව පොලිසිය පවසයි. මොවුන් කරන්දෙණිය, කොස්ගොඩ, මීටියාගොඩ, බලපිටිය, ගාල්ල, පයාගල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
 
සැකකරුවන් 13දෙනෙකු සතුව තිබී ගංජා තොගයක් ද සොයා ගෙන ඇත.
 
ගංජා ළඟ තබා ගෙන සිටි සැකකරුවන් හැර අනෙක් සැකකරුවන්ට පොලීස් ඇප ලබාදී ඇති අතර, එම සැකකරු 13දෙනා අද(25)  බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අහුන්ගල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();