Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝඨාගෙන් බදු සහන පැකේජයක්

තමා ජනපතිධුරයට පත්වූ විට වැට් බදු අනුපාතය අඩු කරන බවත් මධ්‍යම හා කම්කරුවන්ගෙන් අය කරන උපයන විට ගෙවන බදු ඉවත් කරන බවත් දුරකතන බදු ඉවත් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ පෙරේදා (15දා) තේ කර්මාන්ත හිමිකරුවන්ගේ සම්මේලනයේදී අදහස් දක්වමිනි.
“මේ සංකීර්ණ බදු ක‍්‍රමය සරළ බදු ක‍්‍රමයක් බවට පත් කරන්නට අවශ්‍යයි. විවිධ වර්ගයේ බදු ඉවත් කරලා එක බදු ක‍්‍රමයක් හඳුන්වාදීමට පියවර ගත යුතුයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැට් බද්ද සියයට විසි 20 සිට ඉදිරියට 11 ක් දක්වා අඩු කළා. පසුව මේ රජය ආවට පස්සෙ නැවත එය වැඩි කළා. මේ වැට් බදු 8% දක්වා විතර අඩු කරන්න පුළුවන් නම් ඒක සාධාරණයි කියලා මම විශ්වාස කරනවා.

ඒ එක්කම දුරකථන බද්ධ වගේ නොයෙකුත් බදු ,කම්කරුවන් සහ මධ්‍යම පාන්තික සේවකයින්ගේ වැටුප් මත අය කරන බද්ද වැනි බදු අපි ඉවත් කිරීමට අවශ්‍යයි.”

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();