Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කැනඩා මහමැතිවරණයෙන් දෙවන වරටත් ජස්ටින් ටෲඩෝට ජය

 
(තිසරණී විජයබණ්ඩාර)
 
කැනඩා මහමැතිවරණයෙන් දෙවන වරටත් බලය තහවුරු කරගැනීමට ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ ලිබරල් පක්ෂය සමත් වුව ද එය ඔහු විසින් ලැබූ පරාජයක් බව දේශපාලන විචාරකයෝ පවසති. 
 
එයට හේතුව නම් 2015 දී බහුතර බලයක් හිමි වුව ද මෙවර සුළුතර බලයක් හිමි වීම ය. 
 
 
දෙවන ස්ථානය දිනා ගත් කොන්සර්වේටිව් පක්ෂයෙහි ඡන්ද ප්‍රතිශතය 34.4%ක් වූ අතර ජයග්‍රාහි ලිබරල් පක්ෂයෙහි ඡන්ද ප්‍රතිශතය වූයේ 33%ක් පමණි. ආසන ගණන බෙදී ගොස් ඇත්තේ ලිබරල් පක්ෂයට 157ක් සහ කොන්සර්වේටිව් පක්ෂයට 121ක් වශයෙනි.
 
ලිබරල් පක්ෂය 2015 දී ආසන 177ක් දිනා ගත් අතර මෙවර ඔවුන්ට ආසන 20ක් අහිමි වී තිබේ. නමුත් ඇන්ඩෘ ෂියර්ගේ කොන්සර්වේටිව් පක්ෂය පසුගිය මැතිවරණයට සාපේක්ෂව ආසන 26ක් වැඩියෙන් හිමි කරගෙන තිබේ. සැලකිය යුතු අන්දමෙන් බිඳ වැටුණු ජස්ටින්ටෲඩෝගේ ජනප්‍රියත්වය මෙම ප්‍රතිඵලයට හේතු වී ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();