Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රූපවාහිනීය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීම නිත්‍යානුකුලයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ගැසට් පත්‍රයක් මගින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගැනීම ව්‍යවස්ථානුකූල ක්‍රියාවක් බව නීතිපතිවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉංදිකා දේමුණි ද සිල්වා මේ බව පවසා සිටියේ රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගැනීම අභියෝගයට ලක්කරමින් පූජ්‍ය දඹර අමිල හිමියන් සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන අය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ජනාධිපතිවරයා විසින් හොබවන අමාත්‍යාංශ වලට අදාල විෂයන් තීරණය කිරීමට ජනාධිපතිවරයාට බලතල ඇති බවට අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පවසා සිටියේ.

ඒ අනුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම ඔක්තෝබර් මස 28 දා සිදු කිරීමට විනිසුරු බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළා .

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව ජනාධිපතිවරයාට මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය පමණක් බව පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පවසා සිටියේ.

එබැවින් රූපවාහිනී සංස්ථාව පවරා ගැනීම තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශනයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

 


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();