කොළඹ කොටුවේ සිට පොලොන්නරුව දක්වා නව දුම්රිය සේවයක් ආරම්භ කර ඇත.
ජනාධිපතිතුමා සහ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා මැදිහත් වීමෙන් මෙය සිදු විය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පොළොන්නරුව දක්වා ධාවනය වන මෙම දුම්රිය “පුලතිසි” නමින් හදුන්වයි.
මෙය සීඝ්‍රගාමී දුම්රියක් වන අතර සැප්තැම්බර් 11 වන දින සමාරම්භ කෙරිණ.
ඉන්දියානු ණය ආධාර යටතේ M/s RITES Ltd ආයතනය විසින් මෙම දුම්රිය ලංකාවට ලබා දී ඇත.
වායු සමීකරණය කළ මැදිරිවල සම්පූර්ණයෙන්ම කරකැවිය හැකි ආසන, ගමන අතරතුර රසාස්වාද පද්ධතියක් සහ නවීන ඇතුළත උපාංග වැනි ඉහළම තත්වයේ මගී සුවපහසුකම් රැසක් මෙම දුම්රියේ ඇතුළත් වේ.
0 Comments