අශිෂ්ඨත්වයේ දේශපාලනය වෙනුවට ශිෂ්ඨත්වයේ දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අපි අරගල කරනවා යයි
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක කියා සිටියි . ඒ ” අද ගම-රට කොළඹට” යනුවෙන් කොළඹ නව නගර ශාලාවේ පැවති ජවිපෙ පළාත් පාලන නියෝජිත හමුව අමතමිණි. එහෙදි වැඩි අදහස් දැක්වූ අනුර දිසානායකයන්
”මේ වනවිට ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. විවිධ පාර්ශව නූල් සූත්තර කරමින් ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කරනවා. කුමන ආකාරයේ නූල් සූත්තර දැම්මත් සහතික වශයෙන් මේ වසර අවසන්වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙනවා. පසුගිය පළාත්පාලන මැතිවරණය පවත්වා මේ වනවිට වසර එකහමාරක් ගතවී තිබෙනවා. එම පළාත්පාලන මැතිවරණයේදී ජවිපෙ අපේක්ෂකයින්ට ඡන්දය ලබා දුන්නා ජනතාවගේ ඡුන්දයේ වටිනාකමත්, ගෞරවයත් අප පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් ආරක්‍ෂා කොට තිබෙනවා. ජනතා ඡුන්දයට ගෞරවයක් ලබාදුන් ජනතා නියෝජිතයින් ලෙස තමයි අපි ඉදිරියේදීත් මැතිවරණවලට ඉදිරිපත් වෙන්නේ.
ජාතික දේශාපාලනය නියෝජනය වන එක් ස්ථානයක් තමයි පාර්ලිමේන්තුව කියන්නේ. පාර්ලිමේන්තු කාර්යභාරයේදී අපි අනෙක් පක්ෂ අභිබවා කටයුතු කරනවා. මැයි දින සැමරුමේදීත් අපි අනෙකුත් දේශපාලන පක්‍ෂවලට වඩා ඉහළින් සිටිනවා. රූපවාහිනී විවාද සංවාදවලදීත් බොහෝ විට අපේ සහෝදර සහෝදරියන් අදහස්වලින්, කරුණු ඉදිරිපත් කිරීම්වලින් අනෙකුත් අය අභිබවා සිටිනවා. පසුගිය 18වැනිදා පවත්වපු ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා හඳුන්වා දීමේ රැුලියත් අනෙක් අයට වඩා ගවු ගණනක් ඉහළින් තිබෙනවා. සියලූ ජාතික කටයුතුවලදී අපි ඉහළින් සිටියත් අපට තිබෙන ගැටලූව වී තිබෙන්නේ ගම් මට්ටමේදී අපිට එම ජයග‍්‍රහණය දිනා ගැනීමට නොහැකි වීමයි.
අපි ගම දිනාගන්නේ කෙසේද? එහි විශාල පංගුවක් තිබෙන්නේ පළාත්පාලන නියෝජිතයින්ටයි. සහතික වශයෙන් එය වෙනස් කරගන්නේ නම් අපිට දේශපාලන ජයග‍්‍රහණයන් අත්පත් කරගන්න පුළුවන්. අපි අපේ සාමාජිකයින්, කි‍්‍රයාකාරීන්, හිතවතුන් සමඟ හොඳ දේශපාලන සංවාදයක් තිබෙනවා. නමුත් එය පමණක් ප‍්‍රමාණවත් නැහැ. එම සාකච්ඡා ඔබ්බට ගොස් එජාප, ශී‍්‍රලනිප, පොපෙ සහ අනෙකුත් පක්‍ෂවල සාමාජිකයින් සමඟ ඉතා හොඳ දේශපාලන සංවාදයක් නොකරන්නේ නම් අපේ රට සංවර්ධනය කිරීමේ කාර්යභාරය සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. එක්සත් ජාතික පාක්‍ෂිකයින් එම පක්‍ෂයට ඡන්දය දෙන විට මහ බැංකුව කඩන්න, ජනතාවට අසීමිතව බදුබර පටවන්න, මහජන දේපළ හොරකම් කරන්න, රට ණය උගුලක හිර කරන්න කියලා ඡන්දය දෙන්නේ නැහැ. එජාප පාක්‍ෂිකයිනුත් බලාපොරොත්තු වන්නේ රට සංවර්ධනය කර ගැනීමයි. නීතියේ ආධිපත්‍යය තහවුරු කර ගැනීමයි. තරුණ තරුණියන්ගේ හැකියාවට රැකියාවක් ලබා ගැනීමයි. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවා දියුණුකර ගැනීමයි. නමුත් එජාප සාමාජිකයින්ගේ සහ නායකයින්ගේ අපේක්‍ෂාවන් පරස්පරයි. මහින්ද රාජපක්‍ෂ මහතා නියෝජනය කරන කඳවුරේ පාක්‍ෂිකයන්ගේ බලාපොරොත්තුවත් යහපත් ආණ්ඩුකරණයයි. නමුත් පාක්‍ෂිකයින්ගේ සහ එම කඳවුරේ නායකයින්ගේ අපේක්‍ෂාවන් පරස්පරයි. අද ඔවුන්ට පොදුජනයා ඉදිරියේ ආඩම්බරයෙන් ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් ගැන සාකච්ඡුාවක් කරන්න පුළුවන්ද?
අදුෂිත දේශපාලනයට එරෙහි කොඩිය ශිෂ්ඨ සම්පන්න දේශපාලන භූමියක් නිර්මාණය කිරීමේ කොඩිය ගමට ගෙන යා හැක්කේ ඔබට සහ අපට පමණයි. කළු ව්‍යාපාරයක් වී තිබෙන දේශපාලනය සුදු දේශපාලනයක් බවට පත්කරන්නේ කොහොමද කියන සාකච්ඡා ගමට ගෙනියන්න පුළුවන් ඔබට සහ අපිට පමණයි. අපේ රටේ එදිනෙදා සිදුවීම් දෙස දේශපාලන සංවේදීතාවයෙන් බලන බොහෝ පිරිසක් අපේ රටට අත්වී තිබෙන ඉරණම ගැන වේදනාවෙන් පසුවෙනවා. අපේ රටට සිදුකර තිබෙන විනාශය ගැන ඔවුන්ට කෝපයක් තිබෙනවා. එනිසා රට ගොඩනගන දේශපාලන බලවේගයක් පිළිබඳව ජනතාවට යහපත් බලාපොරොත්තුවක් තිබෙනවා. ජනතාවගේ අනාගතය ස්ථාවර කරන රට ගොඩනගන වැඩ පිළිවෙළක් අපිට අවශ්‍යයයි. ගාටමින් තිබෙන ආර්ථිකය වෙනුවට නව ආර්ථික ප‍්‍රතිපත්තියක් රටට අවශ්‍යයි. අපරාධ සමාජයක් වෙනුවට යහපත් සමාජයක් නිර්මාණය කරන වැඩපිළිවෙළක් අවශ්‍යයයි.
අධ්‍යාපනය, ප‍්‍රවාහනය, සෞඛ්‍යය වෙනුවෙන් විශාල මුදලක් වැය කරන ක‍්‍රමයක් නිර්මාණය වී තිබෙනවා. ගෙදර ඉන්න ලෙඩා බරක් වෙලා. ගෙදරට ගත්ත වාහනය බරක් වෙලා. උපයන මුදලින් විශාල කොටසක් අධ්‍යාපනය, සෞඛ්‍ය ප‍්‍රවාහනය වෙනුවෙන් වැය කරන්න සිදුවෙලා. එනිසා මහා පරිවර්තන යුගයක් අපේ රටට අවශ්‍යයි. නව සොයාගැනීම් මගින් අපේ රට ලෝකය ඉදිරියට ගෙන යාමට අවශ්‍යයි. ලෝකය සමග අත්වැල් බැඳගැනීමට ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍යයි. එවැනි වැඩපිළිවෙළක් සමග ඔබ ගම ආමන්ත‍්‍රණය කළ යුතුයි. අපේ රටට හිතකර පරිසර පද්ධතියක් අධ්‍යාපනය, සෞඛ්‍යය, ප‍්‍රවාහන සේවා දියුණුවට පත් කරමින් කෘෂි, ධීවර, පශු සම්පත් සංවර්ධනය දියුණු කරමින් නිෂ්පාදකයාටත් පාරිභෝගිකයාටත් සාධාරණ මිලක් නියම කරන ක‍්‍රමවේදයක් අවශ්‍යයි. අපේ රට ලෝකයේ දියුණුතම රාජ්‍යයක් දක්වා ගෙන ඒමටත් අපේ රටේ ජනතාවට උසස් සමාජ ජීවිතයක් බලාපොරොත්තු විය හැකි වැඩපිළිවෙළක් සමග ඔබ ගම ආමන්ත‍්‍රණය කළ යුතුයි.
ඒ වගේම එවැනි වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීම සඳහා බලවේගයන් නිර්මාණය කළ යුතුයි. අදූෂිත දේශපානයක් සහිත හැකියාවන්, දක්‍ෂතාවයන්, කැපකිරීම් සහිත වෘත්තීයවේදීන් සහ වැඩ කරන ජනතාව සමග පමණයි මේ රට ගොඩනැගිය හැක්කේ. එය තමයි ජාතික ජනබලවේගය නියෝජනය කරන්නේ. එය තමයි ජාතික ජන බලවේගයේ මහා දේශපාලන පෞරුෂය වී තිබෙන්නේ. ජාතික ජන බලවේගයේ එවැනි බර අවි සමග අනෙකුත් පක්‍ෂවල සුළු අවිවලට තරඟ කරන්න හැකියාවක් නැහැ. ජනතාවගේ වුවමනාවන්, බලාපොරොත්තු නියෝජනය කරන, රට ගොඩනැගිය හැකි වෙනස් බලවේගයකට රට බාර දිය යුතුව තිබෙනවා. එනිසා මෙවර ජනාධිපතිවරණයට අපි දැන් වැඩ ආරම්භ කොට තිබෙනවා. අපේ පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහොදරයා කියූ පරිදිම අපි වේලාසනින් අවදි වී වේලාසනින් වැඩකටයුතු ආරම්භ කොට තිබෙනවා.
The post අශිෂ්ඨත්වයේ දේශපාලනය වෙනුවට ශිෂ්ඨත්වයේ දේශපාලන සංස්කෘතියක් රටට ගෙන එනවා . ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක කියයි . appeared first on Lanka News Column.

0 Comments