මහවැලි ගොවි දරු දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික මට්ටමින් ප්‍රදර්ශනය වන 31වැනි මහවැලි ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 07 හා 08 දිනවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මැදිරිගිරිය මහවැලි ක්‍රීඩාංගණයේදි පැවැත්වෙයි.
මෙම දැවැන්ත ක්‍රීඩා උලෙල සංකේතවත් කරමින් මහවැලි කලාප10 පුරාම රැගෙන යන ගිනිසිළුව ඉකුත් 28දා මහවැලි කේන්ද්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ක්‍රීඩකයන්ට ලබාදුන් අතර එම ගිනි සිළුව 31දා වනවිට මහවැලි කලාප කිහිපයක්ම හරහා ගමන් කොට මහවැලි සී කලාපයේ ගිරාදුරුකෝට්ටේ වෙත භාරකරනු ලැබීය. ගිරාදුරුකෝට්ටෙන් පසුව මෙම ගිනි සිළුව මහවැලි බී කලාපයට භාර කිරීමටද නියමිත අතර ක්‍රීඩා උළෙල ආරම්භයේදී ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමෙන් දස්කම් දැක්වූ සී කලාපයේ නාලක සමන් කුමාර හා චාන්දනී මධුවන්ති යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපළ මැදිරිගිරිය මහවැලි ක්‍රීඩාංගණයේ ඇති ක්‍රීඩා පහණ දැල්වීම සිදු කරති.
මහවැලි ඊ කලාපයේ (හසලක) නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා විසින් එම ගිනිසිළුව සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර විමල්කුමාර මහතා වෙත නිල වශයෙන් පවරාදේ. එදින සවස්කාලයේදී මෙම අවස්ථාවට සහභාගිවු වන් ගිරාඳුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති ආගමික වැඩ සටහනකටද සහභාගිවු අතර සන්ධ්‍යා කාලයේදී ගිරාඳුරුකෝට්ටේ සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැවැත්වූ සංස්කෘතික සංදර්ශණයක් නැරඹීමටද එක්ව සිටියහ.
ගිරාඳුරුකෝට්ටේ සමූහ සෝමදාස සමර ගුණරත්න

0 Comments