පොලිස් විශේෂ කාර්ය බලකායේ 35 වන රණවිරු ගුණසැමරුම් උත්සවය හෙට (01) පැවැත්වීමට නියමිතව ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.
රණවිරු ගුණසැමරුම් උත්සවය හෙට පෙරවරුවේ කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී පැවැත්වේ.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩගේ ප්‍රධානත්වයෙන් හා පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ සහභාගීත්වයෙන් එය පැවැත්වීමට නියමිතයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු ගුණසැමරුම් උත්සවයට සමගාමීව මහනුවර ඓතිහාසික ශ්‍රි දළඳා මාලිගාව, කතරගම දේවාලය, අම්පාර රණවිරු ස්මාරකය සහ අනුරාධපුරය ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ අභියසදී ප්‍රාදේශිය සැමරුම් උත්සව පැවැත්වීමට නියමිත බව ද සඳහන්.

0 Comments