කොළඹ අවට ක්‍රියාත්මක පොලිස් සමීප රූප ආවේක්‍ෂණ පද්ධතිය (CCTV) තවත් වැඩි දියුණු කිරීමට ඉදිරියේ දී සූදානම් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඒ අනුව වාහනයක අංක තහඩුව ඉතා පැහැදිලිව හදුනා ගැනීම, රියදුරුගේ මුහුණෙහි පැහැදිලි දර්ශන ලබා ගැනීම වැනි දියුණු වූ ක්‍රමවේදයකට යෑමට සූදානම් වේ.
මේවන විට කොළඹ අවට ක්‍රියාත්මක CCTV පද්ධතිය වසර 10ක් පමණ පැරණි වේ. කැමරා 103ක් පමණ දැනට කොළඹ නගරය තුළ භාවිත කෙරේ.
එසේම දැනට මෙම පද්ධතිය ක්‍රියාත්මක වන්නේ ඇනලොග් තාක්ෂණය ඔස්සේවන අතර එය ඩිජිටල් ක්‍රමයට මාරු කිරීමට ද නියමිත ය.
2018 වසරේ 35,000ක් පමණ රථවාහන අනතුරු සිදුව ඇති අතර එයින් 3,050කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි අජිත් රෝහණ මහතා සදහන් කළේය. එසේම 15,000ක් පමණ බරපතල තුවාල ලබා ඇත.
මෙම රියඅනතුරු අතරින් වැඩි පිරිසක් එනම් තුනෙන් එකක් පමණ මිය ගොස් ඇත්තේ යතුරු පැදිකරුවන් ය. දෙවනුවට මිය ගොස් ඇත්තේ පදිකයින් ය.
0 Comments