Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සැප බස්රථ ව්‍යාපෘතියට නිලධාරීන්ගෙන් බාධා

Author(s): 
නිමල් රාජපක්ෂ

ලංගමට සුඛෝපභෝගී බස්රථ ගේන්න සැලසුම් කළත් මුදල් අමාත්‍යංශයේ ඒ.සී. කාමරවල සිටින නිලධාරීන් මේ ව්‍යාපෘතියට බාධා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පළකළේ දොම්පේ ශ්‍රී ශෛල චෙත්‍යරාම විහාරස්ථානයේ පෙරේදා (14) පැවති ප්‍රජා සත්කාර වැඩසටහනට අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය. ශ්‍රී ලංගමට සුඛෝපභෝගි බස්රථ දෙදාහසක් ගේන්න සැලසුම් කළා. ඒ සඳහා මාස එකහමාරක් තිස්සේ කැබිනට් මණ්ඩලයේ දඟලනවා. නමුත් මුදල් අමාත්‍යාංශයේ ඒ. සී. කාමරවල ඉන්න, සැප වාහනවල යන එන නිලධාරීන් මේ ව්‍යාපෘති‍යට බාධා කරනවා. කකුලෙන් අදිනවා. අපේ මිනිස්සු ලොරිචැසිවල යන එක ගැන ඒ නිලධාරීන්ට ගාණක් නෑ. කැක්කුමක් නෑ. ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වන මට පොඩි මිනිහා වෙනුවෙන්, ලංගම දියුණු කරමින් සුඛෝපභෝගී බස් රථ ගේන්න බැරි නම්, මුදල් අමාත්‍යාංශයේ නිළධාරීන් ඒ ව්‍යාපෘතියට බාධා කරනවා නම් අපි මොකටද දේශපාලනය කරන්නේ. මේ විදියට ‍ගියොත් අපි මේ දේශපාලනයේ ඉන්නවද කියා හිතන්න වෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මෙරට පොදු ප්‍රවාහනයේ මහජන සේවය සඳහා කැප වූ ර‍ජයේ ආයතනය. ලාබ ලැබීමට වඩා මහජනතාවට යහපත් සේවාවක් ලබා දීම එම මණ්ඩලයේ අරමුණ වෙන්නෙ. එම ප්‍රතිපත්තිය මත පිහිටමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සේවය සවිබල ගැන්වීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මේ වන විට ව්‍යාපෘති රැසක් දියත් වෙමින් පවතිනවා. එයින් ප්‍රධානම ව්‍යාපෘතිය ශ්‍රී ලංගමට අති නවීන සුඛෝපභෝගී බස්රථ දෙදහසක් එක් කිරීමයි. එය ප්‍රමාද වන්නේ කවුරු හරි කකුලෙන් ඇදීම නිසා විය හැකි යැයි ඇමතිවරයා මෙහිදී පැවසුවේය. වසර ගාණක් තිස්සේ හොඳ බස් මේ රටට ගෙනැවිත් නැහැ. ජීවිත කාලය පුරාම මිනිස්සු ගියේ ලොරි චැසි ගැසූ බස්වල. මේ ලොරි චැසි බස්වලින් අපිට පොදු ප්‍රවාහනය දියුණු කරන්න බැහැ. ඒ නිසා අපි අතිනවීන ‍සුඛෝපභෝගී බස් රථ නවයක් ගෙනාවා. එයට පුදුම ඉල්ලුමක් තිබෙනවා. අද මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ පෞද්ගලික වාහනවල යන්න නෙවෙයි. හොඳ බස්‍ සේවාවක්, හොඳ දුම්රිය සේවාවක් දුන්නොත් මිනිස්සු ඔක්කොම ඒවයේ ගමන් කරනවා. ඒ අනුව තමයි ආයෝජකයෙක් සමඟ එක් වී අපි සුඛෝපභෝගී බස්රථ දෙදහසක් ගේන්න හැදුවේ. නමුත් මුදුල් අමාත්‍යාංශයේ ඉන්න නිලධාරින් මේ ව්‍යාපෘතියට කැමැති නැහැ. නමුත් ඔවුන් පෞද්ගලික අංශයට සැප බස් ගේන්න පුදුම විදියට උනන්දු වෙනවා, දඟලනවා. ඒ උවමනාව ලංගමට සැප බස් ගේන්න නෑ. ලංගම විනාශ කරනවා. මම කියන්නේ මේ මුදල් අමාත්‍යාංශයේ ඉන්න සියලුම නිලධාරීන් මාස දෙකකට බස්වල කෝච්චිවල යවන්න ඕනේ. එතකොටවත් පොදු ජනතාවගේ දුක දැනේවී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();