සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමාගේ ඉන්දියානු නිළ සංචාරය අතරතුර ඉන්දියානු මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය හමු වූ අතර එහිදී දෙරටේ සංවර්ධනය පිළිබඳව ද්වීපාර්ශවික සාකච්ඡාවක් පවත්වන ලදී.ඓතිහාසික මිහින්තලා පුදබිමේ සංරක්ෂණ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුන වැවේ ධම්මරතන නාහිමියන්ගේ ඉල්ලීමක් අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මිහින්තලා පූජා භූමියේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරිණ. මේ සඳහා රුපියල් මිලියන දෙදහස් තුන්සිය හතළිහක (2340) පමණ මුදලක් වැය කෙරේ. මේ අනුව මිහින්තලා පුදබිමේ මිහිදු සෑය, මහා සෑය, පිය ගැට පෙළ, ධර්ම ශාලා, සේල චෛත්‍ය ඇතුළු මිහින්තලා පුදබිමේ පූජනීය ස්ථාන සංරක්ෂණය කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් සිදු කරනු ලැබේ. ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ හා ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙන් ආරම්භ කර ඇති මේ සංරක්ෂණ කටයුතු සැප්තැම්බර් මාසයේ තිහ පමණ වන විට (30) අවසන් කර ඔක්තෝම්බර් මාසයේ පුර අටවක දිනය වන විට ශාසනයට පූජා කිරීම සිදු කෙරෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුන වැවේ ධම්මරතන නාහිමි පැවැසූහ.
මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුන වැවේ ධම්මරතන නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස, බුදුසරණ පුවත්පතේ උපදේශක කර්තෘ සීසර් සුදුසිංහ, ප්‍රචාරක හා මහජන සබඳතා කළමනාකාර ශාන්ත ජයමහ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පෙරේදා (08) එම සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කළහ.
සටහන හා ඡායාරූප අනුරාධපුර අතිරේක

0 Comments