Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ක්‍රිකට්

වසර 2022 දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලත් කර තිබේ. ඒ අනුව කාන්තා විස්සයි විස්ස තරග එහිදී පැවැත්වීමට නියමිත ය.
 
2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හැම් හිදී පැවැත්වෙනු ඇත. ඒ එම වසරේ ජුලි මස 27වනදා සිට අගෝස්තු මස 07වනදා දක්වාය. 
 
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, එංගලන්ත ක්‍රිකට් ආයතනය සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුව එක්ව කල සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව විස්සයි විස්ස කාන්තා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණේ පසුවන කණ්ඩායම් අට මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිතය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();