කතරගම ඇසළ උත්වයට පැමිණෙන බැතිමතුන් ගේ ගමන් පහසුව සදහා මේ මස 13 සිට 17 වැනිදා දක්වා කතරගම සිට නැගෙනහිර පලාතට විශේෂ බස්රථ සේවාවක් දියත් කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන සී.එච්.ආර්.ටී .චන්ද්‍රසිරි මහතා පවසයි.
ඇසළ උත්සවය පසුගිය 03 වැනි දින ආරම්භ කළද යාල කැලයේ සිට පාද යාත්‍රාව සදහා පැමිණි බැතිමතුන් කටගමුව හමුදා කදවුර හරහා පුජා භූමියට ගමන් කෙරේ.
එහිදී කොපමණ බැතිමතුන් පිරිසක් පැමිණයේද යන්න යුධ හමුදා කදවුරේදී ගණනය කෙරේ.
ඒ අනුව බැතිමතුන්ගේ ගමන් පහසුව සදහා කිසිදු අපහසුතාවයකින් තොරව ලංගම බස්රථ 100 ක් පමණ ධාවනයට එක්කල හැකි බවද චන්ද්‍රසිරිමහතා පවසයි.
කතරගම සිට ත්‍රිකුණාමල ය ,අම්පාර ,කල්මුණේ,මඩකලපුව ,වාලච්ජේන ,අක්කරෙයිපත්තු යන ප්‍රදේශ බලා බස්රථ ධාවනය කෙරෙන අතර අදාල බස්රථ සදහා ආසන වෙන්කර ගැනීමේ පහසුකම්ද සපයා තිබේ.
නැගෙනහිර පලාතේ සිට කතරගමට හිස් බස් පැමිණෙන බැවින් කතරගමින් නැගෙනහිර පලාත බලා බස්රථවල ගමන්ගන්නා මගීන්ගෙන් සාමාන්‍ය ගාස්තුවට වඩා සුළු මුදලක් වැඩියෙන් අය කෙරෙනු ඇත.
නිමල් රාජපක්ෂ

0 Comments