මැද පෙරදිග ඉරානය සහ යේමනය අතර මුහුදු කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර ආරක්ෂක සන්ධානයක් ස්ථාපනය කිරීමට ඇමෙරිකාවට අවශ්‍ය ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකාවේ මරීන් බලකායේ ජෙනරල් (Marine General) ජෝසෆ් ඩන්ෆර්ඩ් පැවසුවේ, අත්‍යවශ්‍ය වෙළෙඳ මුහුදු මාර්ග සහිත එම කලාපයේ "නාවික ගමනා ගමන නිදහස තහවුරු කිරීමට" තමන්ට අවශ්‍ය බවය.
පසුගිය මාසයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කිරීම කළේ ඉරානයේ සහය ලබන ප්‍රහාරකයින් බවට ඇමෙරිකාව චෝදනා කළේය.
(බී.බී.සිය ඇසුරෙනි)

0 Comments